ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍යවරයා හමුවේ අද පැවසීය.
සෞදි අරාබියේ විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud කුමරු සහ ජනාධිපතිවරයා අතර අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
කෘෂිකර්මාන්තය,පුනර්ජනනීය බලශක්තිය,තාක්ෂණික සංවර්ධනය හා නරාය නගර ආශ්‍රිත ඇති විදේශ ආයෝජන අවස්ථා පිළිබඳ ජනාධිපතිවරයා එහිදී සෞදි විදේශ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම පිළිබඳ ද එහිදී විදේශ අමාත්‍යවරයා අවධානය යොමු කළ බව සඳහන් වෙයි.
Al Saud කුමරු එහිදී සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට තමන් සූදානම් බවය.
ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ ද එහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.






















