තවත් කොරෝනා ආසාදිතයන් 512ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 552,054ක් දක්වා ඉහළගොස් ඇත.
මේ අතර මෙරට කොරෝනා අසාදනය වීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව සටහන් වන්නේ 13,995ක් ලෙසයි.
එසේම කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති සංඛ්‍යාව 523,929ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.






















