ආසාදිතයින් 5කට සුවයි
අද(16) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,385ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු පිරිස අතරට හෝමාගම මුලික රෝහලේ සිටි ආසාදිතයින් දෙදෙනෙකු සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද සහ හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් තිදෙනෙකු අයත්ය.
මේ වන විට මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,244 දෙනෙකු වන අතර තවත් රෝගීන් 1,846 දෙනෙකු රෝහල් කිහිපයක් ප්‍රතිකාර ලබයි.






















