Sunday, November 1, 2026
HomeNEWSඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගනී

ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගනී

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

එම ආයතනයේ පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් 120 දෙනෙකුම කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එය සියයට 64.5ක ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයකි.

ඉකුත් දින කිහිපය තුළ එම කම්හල් 166 දෙනෙකුට පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් 109 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබුණි.

තවත් 20 දෙනෙකුගේ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබූ අතර ඉන් 11 දෙනෙකුද වෛරසය ආසාදිතයින් ලෙස තහවුරු වුණි.

එම 11 දෙනා අතරින් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල පරීක්ෂාවෙන් 5 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් බවට මූලික වාර්තා ලැබී තිබේ.

ඒ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර ඊයේ (20) දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම ඊයේ ආසාදිතයින් 200 ඉක්මවා වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 291 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 228 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 227 දෙනෙකු හඳුනාගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ නව ආසාදිතයින් 173 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ද ඊයේ නව ආසාදිතන් වාර්තා වී තිබුණි.

දින 06කට පසුව මෙරට වැඩිම දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,554ක් වේ.

ඉන් 43 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img