Monday, September 7, 2026
HomeNEWSLatest Newsඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව

ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව

ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයෙන ඇතැම් ආයතන විවෘත කර තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අද (09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙද සැල්, මත්ස්‍ය අලෙවි සැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර ලබා දි ඇති බවය.

කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළඟම පවතින වෙළෙදසැල වෙත ගොස් අදාළ භාණ්ඩ මිලදී ගැනීමට ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට හැකියාව පවතී.

එක් නිවසකින් එක් අයෙකු පමණක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත යාම යෝග්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊට පරිභාහිරව කටයුතු කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.  

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img