මාධ්ය මර්ධනයට සැරසෙන කිසිවෙකුට ඊට ඉඩ නොදෙන බවත් එවැන්නක් කිරීමට සැරසෙන බලවේගය වලට එරෙහිව සමඟි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
ශ්රී ලංකාව ආශ්රිත මුහුදු තීරයේදී පසුගියදා ගිනිගෙන දැවුණු එක්ස්ප්රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණය අමාත්යාංශයේ පැවැති සමාලෝචන රැස්වීමට අද(12) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද සහභාගි විය.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක් අතරතුර අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විපක්ෂ නායකතුමාට අදාල සාකච්ඡාවට සහභාගීවන ලෙස ආරාධනා කළ අතර ඒ අනුව විපක්ෂ නායකතුමා මීට එක්විය.
මධ්ය මර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු කරන බවට පැතිර යන ප්රවෘත්ති සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නීතීඥයින් පිරිසක් රැගෙන විත් සාකච්ඡාවක් පැවැත් වූ බවට පිළිගෙන ඇති බවය.ජනතාවගේ දුක රටට කියන මාධ්ය මර්ධනය කිරීමට කිසිදු අයිතියක් නැති බවත් කිසිම මාධ්යකට වැටකඩොලු බැඳීමට හෝ බලය ගන්නා තුරු මාධ්ය ගැන තිබෙන ආදරය බලය ලබාගත් පසුවත් තිබිය යුතු බවත් ඒ මහතා පැවසීය.ශීලාචාර ශිෂ්ටසම්පන්න රටක හෝ ලෝකයක මාධ්ය මර්ධනය යථාර්ථයක් නොවන බව පැවසූ හෙතෙම පවසා සිටියේ මාධ්යට තිබිය යුත්තේ මාධ්ය විසින්ම පනවාගත් සවයං වාරණයක් පමණක් බවය.
අධ්යාපන වෘත්තීය සමිති සහ අධ්යාපනවේදීන් විසින් ඉදිරිපත් කළ අරගල වලදී ආණ්ඩුව හැසිරුණ ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බවද විපක්ෂ නායකතුමා පැවසීය.






















