සමාජයේ ඇති නැති පරතරය වෙනස් කිරීම තම අපේක්ෂාව බව ජල සම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
රත්නපුර මාරපන ප්රදේශයේ පැවැති පිළිගැනීමේ ජනහමුවකට සහභාගි වෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
සමාජයේ ඇති නැති පරතරය වෙනස් කිරීමට පිළිතුරු සොයමින් තමන් සිටින බවත් අමාත්යවරයා එහිදි පැවසීය.
ඇති නැති පරතරය පියවන අනාගතය කවදා හමුවේ ද යන්න තමන් නොදන්නා බවත් ඊට පෙර තමන්ට සමුගන්නට සිදුවේ ද යන්න නොදන්නා බවත් අමාත්යවරයා ප්රකාශ කළේය.
ඉන් පසුව අමාත්ය වාසුදේව නානායක්කාර මහතා “අඩු කුළේ කියාලා අසරණයා” ගීතයද ගායනා කළේය.






















