Monday, October 26, 2026
HomeNEWSLatest Newsලෝකෙට අඹ බෙදන තණමල්විල අඹ වත්ත

ලෝකෙට අඹ බෙදන තණමල්විල අඹ වත්ත

කොවිඩ් ව්‍යාප්තිය නිසා විදෙස් ගනුදෙනු සීමා වී ඇති පසුබිමක දේශීය ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම සහ අපනයනාභිමුඛ නිෂ්පාදන වෙත යොමුවීම පිළිබඳ සංවාදයක් ඇති වී තිබේ.

නමුත් සමහර දුරදක්නා නුවණැත්තෝ ශ්‍රී ලංකාවේ සරු පොළොව ගැන විශ්වාසය තැබුවේ අද ඊයේ නොවේ.

මේ ඊට කදිම නිදසුනකි. 

සරු බිමෙන් නිසි ප්‍රයෝජන ගත් අපනයනකරුවකු ගැන “අද දෙරණ”ට තොරතුරු ලැබුණි. ඔහු සොයා අපි පසුගියදා තණමල්විල ප්‍රදේශයට ගියෙමු.

අපට එහිදී දක්නට ලැබුණේ ලංකාවේ විශාලතම අඹ වත්ත ය. එහි හිමිකරුවා ද අප හා තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ විණි. 
    
එම අඹ වත්තේ හිමිකරුවන නානායක්කාර මහතා පැසුවේ තමන් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවක එහි ඇති අස්වද්දපු බිම් දැක මෙම අදහස පහළ වු බවය. 

කෙසේ වෙතත් තම අදහස යථාර්ථයක් කරගැනීම ලෙහෙසි කාර්යයක් නොවු බවද ඒ මහතා පැවසීය. 

ඒ, ඔහුට හිමි වූ ඉඩම වන සතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටා තිබීම හේතුවෙනි. 

විශාල ගස් ආරක්ෂා කරමින් වන ලැහැබ එළිපෙහෙළි කළ මොවුන් 2013 වසරේදී වගාව ආරම්භ කර ඇත.

වසර 7කට පසු මෙම ව්‍යාපාරිකයා දුටු සිහිනය සැබෑ වී තිබෙන ආකාරය එහි යන ඔනෑම කෙනෙකුට දැකගත හැකිය.

 තණමල්විල, වන්දම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට යාබදව පිහිටි මේ භූමියේ වපසරිය අක්කර 560කි. 

මෙහි වගා කර ඇත්තේ, ලංකාවේම නිෂ්පාදනය කරන ලද දෙමුහුන් අඹ විශේෂයකි. 

ටොම් ඇන්ඩ් ජේ.සී. නම් වූ මෙම අඹ විශේෂයට ලොව රටවලින් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. 

වගාවට වසර 7ක් වුවත් ඔවුන් දිනෙන් දින මුහුණ දෙන විශාල ගැටලුවක් තිබේ.

ඒ වගාවට අවශ්‍ය ජලය සම්පාදනය කරගැනීමය. 

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණික තත්ත්වය සහ නිරන්තරයෙන් හමන සුළඟ වගා භූමියේ තෙත් ස්වභාවයට බලපෑම් කරන බැවිනි. 

කෙසේ වෙතත් ජල බවුසර යොදාගනිමින් මෙහි සේවකයින් රාත්‍රිය පුරා අඹ වගාවට ජලය එකතු කරනු ලබයි. 

අක්කර 500කට වැඩි වූ මේ වගාවට එලෙස ජලය යෙදීම ඉතාම දුෂ්කර කටයුත්තකි.

ඒ නිසාම ඔවුන් මේ භූමියේ  විශාල වැවක් ඉදිකිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන්ය.

මහ වනය මැද පවත්වාගෙන යන මේ අඹ වගාව ආරක්ෂා කිරීම මෙහි කළමණාකාරීත්වය මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයකි. 

වන අලින්ගෙන් වගාව ආරක්ෂා කිරීම සඳහා කිලෝමීටර 10කට වැඩි දිගින් යුත්  විදුලි වැටක් නඩත්තු කළත් වඳුරන්ගෙන් වගාවට වන හානි පාලනය කිරීමට තවමත් නිසි ක්‍රමවේදයක් නැත. 

දැඩි වෙහෙසකර තත්ත්වයක් යටතේ ලබාගන්නා අඹ ඵලදාව ආරක්ෂා කිරීමට මෙහි සිටින සේවකයින් සංඛ්‍යාව 350කට අධිකය. 

වනය එළිපෙහෙළි කිරීමේ සිට අඹ ඵලය හටගන්නා තෙක් මේ වගාව සමග පොරපැදි මොවුන් අස්වැන්නට කිසිදු හානියක් නොවන ලෙස ඵල නෙලාගනී.

අක්කර 560ක් පුරා මොවුන් හෙළන ලද දහඩියේ ප්‍රතිඵල  මෙරට වෙළෙඳපොළට පමණක් සීමා වන්නේ නැත.

රටවල් කිහිපයකටම අඹ අපනයනය කිරීමට මෙහි කළමණාකාරීත්වය පියවර ගෙන අවසන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img