Wednesday, July 29, 2026
HomeNEWSඇමති විජිතගෙන් බොලිවුඩයට ආරාධනා

ඇමති විජිතගෙන් බොලිවුඩයට ආරාධනා

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා සංවිධානත්වය කර තිබූ ඊයේ දින (19) වැඩසටහනේ ආරම්භ දේශනය සිදු කරමිනි.එහි දී අමාත්‍ය විජිත හේරත් මහතා කළ කතාව මේ සමඟ අමුණා ඇත.*ඉන්දියාව – ශ්‍රී ලංකා සංචාරක සම්බන්ධතාව*ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ආරම්භක දේශනය2025 නොවැම්බර් 19, කොළඹආයුබෝවන්! සුභ සන්ධ්‍යාවක්!ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉතිහාසය, සංස්කෘතිය සහ මිනිසුන් අතර සම්බන්ධතා මත ගොඩනගනු ලැබූ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට අද ඔබ හා එක්වීමට ලැබීම සතුටක්.මෑත වසරවලදී, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාලතම වෙළඳපොළයි. ශක්තිමත් ගුවන් සම්බන්ධතාවයක් සහ සංස්කෘතික බැඳීම් මගින්, අප දෙරට ස්වභාවිකවම සංචාරක හවුල්කරුවන් වේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව, සංචාරක සහයෝගීතාව සහ ආයෝජන ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි අපට තිබෙන ඒකාබද්ධ උනන්දුව මින් පිළිබිඹු වේ.සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය අංශයකි. මෙම සතියේ, අප රටට පැමිණි මිලියන 02 සනිටුහන් කරන සංචාරකයා අප පිළිගත් අතර, මේ වසර අවසන් වන විට මිලියන 2.4 – 2.5 අතර සංචාරක පැමිණීමක් අපේක්ෂා කරමු. එය අප සංචාරක ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. 2030 වන විට, අපි සංචාරකයින් මිලියන 4ක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් අපේක්ෂා කරමු.මෙම ඉලක්කයට ළඟා වීම සඳහා, ශ්‍රී ලංකාව තිරසාරභාවය, වෙළඳපල විවිධාංගීකරණය, ශක්තිමත් ගුවන් සම්බන්ධතා සහ ඩිජිටල් පරිවර්තනය යනාදිය සඳහා ප්‍රමුඛත්වය දී ඇත. මීට අමතරව “සංචාරක ව්‍යාපාරයේ අනාගතය පිළිබඳ රියාද් ප්‍රකාශනය”ට අනුකූලව ජාතික සංචාරක සැලසුම්කරණයට AI සහ ඩිජිටල් මෙවලම් ඒකාබද්ධ කිරීම ඇතුළු ගෝලීය ප්‍රවණතා එකතු කරගැනීමටත් අප සූදානමින් සිටිමු.මෑත කාලය තුළ ඉන්දියානු සංචාරක පැමිණීම් ඉහළ ගොස් තිබෙන අතර ඒ සඳහා නිදහස් වීසා ප්‍රවේශ පහසුකම සහ ඉලක්කගත ප්‍රවර්ධන වැඩසටහන් හේතු පාදක විය. ඒ අනුව ඉන්දියානු සංචාරකයින් සඳහා ‘කෙටි-දුර ගමනාන්ත’ අතරින් ඉහළම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක් වී ඇත.මේ වන විට අපි නාගරික විවේකයන්, වෙරළ, උරුම මාර්ගයන්, MICE සංචාරක ව්‍යාපාරය, ගමනාන්ත විවාහ, චිත්‍රපට සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිකට් සංචාරක ව්‍යාපාරය ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත්තෙමු. ඉන්දියානු නගර පුරා අප දියත් කළ සංදර්ශන, B2B ක්‍රියාකාරකම් සහ ගුවන් සේවා හවුල්කාරිත්වයන් මෙම සාර්ථකත්වය සඳහා මග පාදන ලදි.අපගේ වසර 2,500ක සම්බන්ධතාවය සලකා බැලීමේ දී, බෞද්ධ චාරිකා සහ රාමායන මංපෙත් ඇතුළුව ආගමික සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු අවස්ථාවක් පවතින බව හඳුනාගත හැකි ය. ඒ අනුව ආගන්තුක සත්කාර ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, උත්සව අවස්ථා සහ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට තව තවත් පැමිණෙන ලෙසත් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් සහ ආයෝජකයින්ව දිරිමත් කරමු.අපි එක්ව ක්‍රියා කරන විට ශ්‍රී ලංකා – ඉන්දියානු සහයෝගීතාව වඩාත් ශක්තිමත් වේ. ඒ අනුව අද පවත්වනු ලබන මෙම වැඩසටහන නව අවස්ථා විවර කිරීමටත් සංචාරක ක්ෂේත්‍රයේ අපගේ හවුල්කාරිත්වය තීව්‍ර කිරීමටත් හේතු වනු ඇතැයි මම විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img