හෙළාභි නෘත්‍යා 2023 “ඇඹුම් බලි ශාන්තිකර්මය” දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05/25) රාත්‍රීයේ පිටදෙනිය මහා විද්‍යාල භූමියේ දී පැවැත්විණි.
උදෑසන සිට දවස පුරා සනර්නා කලා නිකේතනයේ දරු දැරියන් 60 දෙනෙකුගේ හිස වෙස් තැබීම හා ශීර්ෂාභරණ පැළඳවීමේ කළ එළි මංගල්‍යය පැවැත්වූ අතර, ඒ නව කලා ශිල්පීන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, පැමිණ සිටි සියළුම ජනතාවට වස් දොස් දුරුවීම උදෙසා උඩරට නර්තන සම්ප්‍රදායට මූලිකත්වය දෙමින් ඇඹුම් බලි ශාන්ති කර්මයක් ඊයේ රාත්‍රීය පුරා පැවැත්විණි.
මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා විසින් උත්සව අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් හිස වෙස් පැළන්දූ දරු දැරියන් අගයනු වස් සිය සුභාෂිංෂණ පිරිනැමූ අතර, හිස වෙස් තැබීමේ හා ශීර්ෂාභරණ පැළදවීමේ මංගල්‍යය සාර්ථක කර ගැනීම සදහා කීඹිය තරුණ බොදු සුවද කැල සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඉහළ කීඹිය ක්ෂේත්රාරාම පුරාණ විහාරස්ථානයේ පූජ්‍ය වලහන්දූවේ මහින්ද ස්වාමීන් වහන්සේ වෙත රුපියල් 50,000 ක මුදල් ප්‍රතිපාදන දකුණු පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් කටයුතු කරන ලදී.
මේ වැඩසටහන සංවිධානය කළේ කීඹිය තරුණ බොදු සුවද කැල සහ සනර්නා කලා නිකේතනය විසින් වන අතර වැඩසටහන මෙහෙය වන ලද්දේ ආචාර්ය නාලක සංජීව මහතා සහ ආචාර්ය තරිඳු රත්නායක මහතා විසිනි.
මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය වැඩම කර සිටි අතර උඩරට නර්තන ශිල්පීන්, සනර්නා කලා නිකේතනයේ දරු දැරියන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.






















