2012 වසරේ ගාලූ වරායට ආසන්න මුහුදු තීරයේ එම්.වී.ඇවන් ගාඩ් නෞකාව තුළ බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ තබාගැනීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන ඇවන් ගාඩ් ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු අද (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද ධම්මික ගණේපොළ, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ දී විත්තිකරුවන්ට කියවා දෙන ලදි.
එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ ලදි.
ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණු අතර ඒ යටතේ නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.
2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන් ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.