Thursday, April 16, 2026
HomeNEWSLatest Newsපල්ලේකැලේ සුළු භූ කම්පන තත්ත්වයක්

පල්ලේකැලේ සුළු භූ කම්පන තත්ත්වයක්

පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවු භූ චලන, පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

අගොස්තු මස 29 වන දින ප.ව. 8.32කට හා අද (02) පෙ.ව.7.06ට එම භූ චලන සිදුව ඇත.

ඊට අමතරව එම කම්පන මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ද ඉතා සියුම් ලෙස සටහන් වී ඇතැයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය අගෝස්තු 29 වන දින ඇති වු කම්පනය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද ඇති වු සුළු කම්පන තත්ත්වය අඹකොටේ සහ අළුත්වත්ත යන ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් හා භූ කම්පන විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2ක් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

එම කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වු ඒවා නොවන බව භූ කම්පනමාන දත්තවලින් තහවුරු වන බවත් අදාළ කම්පන ඇති වීමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ කඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිඳ වැටීමක් යන අංශ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img