Sunday, September 13, 2026
HomeNEWSඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි -අධ්‍යාපන ඇමති

ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි -අධ්‍යාපන ඇමති

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හැකි ඉක්මණින් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශටයක් හෙට (21) දිනයේ දී සිදුකරන බවය.

අද (20) පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ දී ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ හමුවීමෙන් අනතුරු ව අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“රටේ පාසල් සියල්ල එකවර විවෘත කිරීම සිදුකළ හැකි දෙයක් නොවුණත් එය ක්‍රමක්‍රමයෙන් සිදුකළ යුතු යි. මේ වනවිට රටේ සියල්ල ම පාහේ යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. අපේ රටට පමණක් නොවෙයි කොවිඩ් 19 සමස්ත ලෝකයට ම අභියෝගයක් වෙලා තියෙන්නේ. රජයක් විදියට වගේ ම රටක් විදියට ත් අපි මේ අභියෝගය ජය ගත යුතු යි. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කළ යුතු යි. පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමත් ඒ ඒ පාසල්වලට, විදුහල්පතිවරුන්ට සහ කමිටුවලට ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවත්, ඒ ඒ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීමේ අධිකාරී බලය පාසල්වලට ලබාදෙන ආකාරය සම්බන්ධව ත් අපි සාකච්ඡා කරනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img