Sunday, September 13, 2026
HomeNEWSWhatsApp ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

WhatsApp ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කඳාන ප්‍රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ (19) දිනයේ දී කඳාන ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් එම WhatsApp පණිවිඩය යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉරිදා දිනයේ දී පල්ලි ආශ්‍රිතව පැවැත්වෙන දේවමෙහෙයන්වලට සහභාගී නොවන ලෙසත් පල්ලි ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට නියමිත බවත් එම පණිවිඩයේ සඳහන් ව තිබී ඇත.

එම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ වයස අවුරුදු 31ක් වු වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරන අයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

සැකකරු හෙට (21) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img