Wednesday, November 11, 2026
HomeNEWSඉතාලියේ නගර සභා ඡන්ද දෙකකට ශ්‍රී ලාංකිකයින් 6ක්

ඉතාලියේ නගර සභා ඡන්ද දෙකකට ශ්‍රී ලාංකිකයින් 6ක්

අද (03) ආරම්භ වූ ඉතාලියේ මිලානෝ සහ නාපොලි නගර සභා ඡන්දයට තරගවදින ශ්‍රී ලාංකිකයින් ගණන 6කි.

ඉතාලියේ සිටින ‘අද දෙරණ’ නියෝජිතයා පැවසුවේ, එම අපේක්ෂකයින් අතරට කාන්තාවන් තිදෙනකු ද අයත් බවය.

ශ්‍රී ලාංකිකයින් ඉතාලියට සංක්‍රමණයවීම ආරම්භවන්නේ, 70 දශකයේදීය. 

වැඩි වැටුප් අපේක්ෂාවෙන් විවිධ රැකියා සඳහා ඔවුන් එරටට  සංක්‍රමණය විය. 

මේ දක්වා එරට සිටින ශ්‍රී ලාංකිකයින් ගණන ලක්ෂයකට අධිකය. 

ඉන් බහුතරයක් මිලානෝ සහ නාපොලි නගරවල ජීවත්වෙයි. 

ඉතාලියේ සිටින “අද දෙරණ” නියෝජිතයා පවසන්නේ, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙම අපේක්ෂකයින්‍ 6දෙනා තරගවදින බවය. 

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 4 දෙනකු මිලානෝ නගර සභාවටත් දෙදෙනකු නාපොලි නගර සභාවටත් තරගවදී. 

මිලානෝ නගර සභාවට ක්‍රිස්ටිනි ගිත්මි, ක්‍රිස්ටෝපර් දඹගේ, ධම්මිකා චන්ද්‍රසේකර සහ රෝයි අබේසේකර යන අය තරග කරනු ඇත.

නාපොලි නගර සභාව වෙනුවෙන් තරගවදින්නේ, රවීන්ද්‍ර ජෙගන් සහ අංජලී අලහකෝන් ය.

මෙම නගර සභා ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයින් වන්නේ, මිලානෝ සහ නාපොලි නගරවල වෙසෙන ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රය සහ හැඳුනුම්පත් හිමි ශ්‍රී ලාංකිකයින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img