Sunday, November 8, 2026
HomeNEWSඉදිරි කන්නයට පොහොර හිඟයක් නෑ - මහින්දානන්ද

ඉදිරි කන්නයට පොහොර හිඟයක් නෑ – මහින්දානන්ද

ඉදිරි යල කන්නයේදී කුඹුරු අක්කර හෙක්ටයාර ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය පොහොර, දීලීර නාශක සහ පළිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 ක් මුල් කරගනිමින් මෙම පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

” පසුගිය මහ කන්නයේ ආණ්ඩුව හරිත කෘෂිකර්මාන්තයට නියැලීමත් සමඟ අපි මේ පරිවර්තනයේ දී යම් යම් අඩුපාඩුකම් අපේ අතින් සිදු වුණා. සමහර තැන්වලට අපිට වෙලාවට පොහොර දී ගන්න බැරි වුණා. ඒ නිසා අපේ ගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අපට සහයට යුද හමුදාවත් ලබා දුන්නා මේ කටයුත්ත කරන්න. ඒ නිසා මේ කන්නයේදී ගොවීන්ට කිසිදු පොහොර හිඟයක් ඇති නොවෙන්න දිස්ත්‍රික්ක මට්ටමින් වෙනම නිෂ්පාදකයින් හදලා ඒ පොහොර යවන්න කටයුතු කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img