Sunday, November 8, 2026
HomeNEWSබලශක්ති ඇමතිගේ රියදුරෙක්ව ඝාතනය කෙරේ

බලශක්ති ඇමතිගේ රියදුරෙක්ව ඝාතනය කෙරේ

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව, මාවිත්තර, ගම්මාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට ඝාතනයට ලක්ව ඇති මෙම රියදුරා විසින් සෙමෙන් යතුරු පැදිය ධාවනය කරන ලෙස අවවාද කිරීමක් සිදුකර ඇත.

එයට උරණ වූ එම තරුණයා ඔහුගේ නිවසට ගොස්  තවත් පිරිසක් සමග පැමිණ මෙලෙස බලශක්ති අමාත්‍යවරයාගේ රියදුරාට පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බරපතළ තුවාල ලද රියදුරා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසියේ ඊයේ 21 රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කීපයකට ගියද ඔවුන් ප්‍රදේශය හැර පලාගොස් ඇති බව වාර්තා වෙයි.

කැස්බෑව පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img