Wednesday, August 5, 2026
HomeNEWSඉදිරි දිනවල සංචරණ සීමා පැනවෙයි ද?

ඉදිරි දිනවල සංචරණ සීමා පැනවෙයි ද?

ඉදිරි දිනවල සංචරණ සීමා පැනවෙයි ද?

දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මේ වන විට පවතින තත්ත්වය මත කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (12) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුදහමුදාපතිවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“අද 12 වෙනි දා. 22 කියන්නේ දින 10ක් තියෙනවා. දිනයක් දෙකක් ඇතුළත කුමන ආකාරයකින් කොවිඩ්වල හමුවන සංඛ්‍යාවන් වෙනස් වෙනවා. අපි කොළඹ නගරසභා සීමාව යම් ආකාරයක පාලනයකට අරන් තියෙනවා. පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කරලා. කෙසේවෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව කිසිසේත් මේ ආකාරයෙන් හුදකලා කිරීමකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නෑ. කිසිසේත්ම. නමුත් ජනතාව කොටස් දෙකකින් අපිට කථා කරනවා. එක් පිරිසක් වහලා දාන්න මේ අය හරියට හැසිරෙන්නේ නැති වෙයි කියලා කතා කරනවා. තවත් පිරිසක් මේකාලේ තමයි යම්කිසි දෙයක් හම්බ කරගන්න තියෙන්නේ කියනවා. කෙසේවෙතත් ජනතාව පැත්තෙන් සුබවාදීව බලන්න ඕනේ.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img