Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsබේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200 ක බද්ධ රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවය.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර පවතින ගැටලුව පිළිබද බලධාරීන් දැනුම්වත් කරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

“මාස 6කට පෙර ලංකාවේ මාගරින් කිලෝවක් 200ක බද්ධ රුපියල් 600 දක්වා වැඩි කරා. බද්ධ වැඩි කළා කියන්නේ මාගරින් ලංකාවට ගෙන්වීම තහනම් කරා හා සමානයි. මේ තීරණය ගත්තේ ලංකාවේ තියෙන නිෂ්පාදකයින්ගේ ඉල්ලීම මත තමයි ගන්න ඇත්තේ. ලංකාවේ මේක දියුණු කරන්න ඕනේ කියලා තමයි අපිට කිව්වේ. දැන් අපිට ආරංචි හැටියට ජනවාරිවල තවත් වැඩිවෙනවා. මේකේ අහිතකරම ප්‍රතිඵලය තමයි, මාගරින්වලට අමතරව බේකරිවලට ඒ වගේම අවශ්‍ය වෙනවා මේදය. නමුත් ඒකේ රුපියල් 600 මාස 6කට අත්හිටවු නිසා මෙච්චරකල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් මේ දෙසැම්බර් මාස 20 න් පස්සේ මාස 6 අවසන් වෙනවා. පිටරටින් ආනයනය කිරීම මේ වන විට නවත්වලා තියෙන්නේ. බදු ගහයි කියලා බයට. මේ පිළිබඳ යම් විසඳුමකට එන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් බේකරි නිෂ්පාදනවල මිල ලබන වසරේ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවෙනවා.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img