කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නැවත සියරට යෑමට නොහැකිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 154 දෙනෙක් අද (17) නැවත පිටත්ව ගොස් තිබේ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්රකාශිකාවක් පැවසුවේ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල හිරවී සිටින ඉන්දීය ජාතිකයින් ගෙන්වා ගැනීමට එරට රජය දියත් කළ “වන්දේ භාරත් මිෂන්” නම් වැඩසටහන යටතේ ඔවුන් ව ගෙන්වාගත් බවය.
මේ වනවිට ශ්රී ලංකාවේ සිටි ඉන්දීය ජාතිකයින් 2,000ක් පමණ නැවත ගොස් තිබේ.






















