ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 ජන්ම දින සැමරුම් උළෙල මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැත්වුණි.
මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
”දම්පල් චින්තාවලියට”ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය අද ආරම්භ කළ ”සුව ධරණි” හෙළ ඔහු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එහි රත් සඳුන් පැළයක් රෝපණය කළේ ඉන් අනතුරුවය.
පසුව විහාරයේ ධාතු මන්දිරයද වැඳපුදාගත් ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය.
මේ අතර මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවුණි.






















