ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, අද (17) හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ අතර අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ 20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගන්නා බවය.
20 වන ආණ්ඩ්‍රකඅම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව යෝජනා කරන සංශෝධන ඊයේ දින කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, එම යෝජනා ඉදිරිපත් කෙරුණේ නැත.
ඒ අනුව දැනට ඉදිරිපත්කර ඇති 20 වන ආණ්ඩ්‍රකඅම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර මේවන විට දින 14ක් සම්පූර්ණව ඇති බැවින් මින් ඉදිරියට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිය.






















