පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් ඉඩමක්, ව්‍යාජ ඔප්පු සකසා පවරා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයි වාර්තා වේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු ඇතුළු 05 දෙනෙක් ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් එම නියෝගය දී තිබේ.
එම ඉඩම සහ නිවස කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ එක් බෝම්බකරුවෙක් වූ ඉන්සාෆ් අහමඩ් නමැත්තාට හිමිව තිබු නිවසක් සහ ඉඩමක් එසේ ව්‍යාජ ලෙස පවරාගෙන ඇති බවට තොරතුරු හෙළිවූ බවය.






















