විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර විශේෂ හමුවක් සිදුවී තිබේ. මෙම හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා හදිසි ආපදා තත්ත්වය අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දැක්වූ දැඩි සහයෝගය ගැන රට වෙනුවෙන් සිය ස්තුතිය පුදකර ඇත. එම හමුවීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ. මම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, අපගේ සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු වන ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ ලබා දුන් ක්ෂණික සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අවංක කෘතඥතාව පළ කළෙමි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන හා නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අපගේ සාකච්ඡාවල අවධානය යොමු විය.






















