Saturday, November 14, 2026
HomeNEWSLatest Newsඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක්අද 2020.09.26 දින පවත්වන ලදී.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි.

මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කරන බවයි.

පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂය ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහණය, ඉන්දියානු මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමානව බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහඟු සහයෝගීතාවයකට එම මැතිවරණ ජයග්‍රහණ ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද පැවසීය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බවත්, ඒ පිළිබඳව දෙරටේ ජනතාව නව බලාපොරොත්තුවකින් හා අපේක්ෂාවන්ගෙන් අප දෙස බලා සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත් වූ අතර මෙහිදීද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව හා දෙරටේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. 

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රය, වෙළඳ සබඳතා අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ මාර්ග මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක පවත්නා සහයෝගීතාව පුළුල් කිරීම වැනි කාරණා ගණනාවක් පිළිබඳව ද නායකයෝ දෙදෙනා සාකච්ඡා කළහ. 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ ද්වීපාර්ශවීය සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දැක් වූ අදහස් මෙසේය,

“මම මේ සමුළුවට ඔබව ආදරයෙන් පිළිගන්නවා. හැමදාම වගේ ඔබව ඉන්දියාවට අපි ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. භාරතයට පැමිණෙන ලෙස මම ඔබට හැමදාම ආරාධනා කරනවා. මෙම සම්මුඛ සාකච්ඡාව මෙලෙස සිදු කිරීම පිළිබඳව මා හට ඉතා සතුටුයි. 

මේ සාකච්ඡාව සඳහා මගේ ආරාධනවා පිළිගැනීම පිළිබඳව ඔබට මම ස්තූතිවන්ත වෙනවා. නව අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් ද මම ඔබට මේ අවස්ථාවේ සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මෙවැනි ජනවරමක් ලබා ගැනීම පිළිබඳව මම ඔබට සුබ පැතුම් එක් කරනවා. මේ මැතිවරණ ජයග්‍රහණය මඟින් ජනතාව ඔබ ගැන තිබූ විශ්වාසය තවදුරටත් පෙන්නුම් කරනවා. 

ඔබ ලබා ගත් මෙම ජයග්‍රහණය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක්.  අපි දෙදෙනාගේම දෙරටේ ජනතාවට අලුත් සිහිනයකින්, උද්යෝගකින් අපි දෙස බලන් ඉන්නවා. අපිට හැම පාර්ශවයකින්ම ප්‍රගතියක් ඔස්සේ ඉදිරියට ගමන් කළ හැකියි. අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය, වෙළඳාම වගේම තවත් ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අපිට ඉදිරියට යා හැකියි. ඔබගේ ආණ්ඩුව මූලික ආර්ථික ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”  යැයි පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේය,

“මේ සමුළුවට ආරාධනා කිරීම ගැන සතුටු වනවා. ඒ වගේමඅග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වුණාට පසුව මේ මම සහභාගී වන පළමුසමුළුවයි.

අප එකිනෙකා මුහුණට මුහුණ හමු නොවුණත් අපි අතර ඇති සුහදත්වය, මිත්‍රත්වය, සහෝදරත්වයේ බැඳීම, ඒ ආකාරයෙන්ම පවතින බව මමකියන්න ඕන.

ලෝකයම මුහුණපා සිටින කෝවිඩ්-19 අර්බුදය ආරම්භ වුණඅවස්ථාවේදීම ඉන්දියාව අසල්වැසි රටවල් වෙනුවෙන්, ඒ රටවලජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන අපේප්‍රශංසාව හිමිවෙනවා.

සාර්ක් රටවල ප්‍රධාන රට වශයෙන් කලාපයේ නායකයින් සියලු දෙනාසමඟ ඉන්දියාව මේ ආකාරයටම තමන්ගේ අදහස් හුවමාරු කර ගත්තා.

ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදීත් ලංකාවේ රජයට විශාල ජනවරමක් ලැබුණා. ඒ අනුව සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා. 

අපට ලැබුණ ජනවරම අනුව අපි කොවිඩ් 19 වසංගතය ජයගැනීම සඳහාක්‍රියා කළ ආකාරය පිළිබඳව රටේ තිබෙන ප්‍රසාදය පිළිබිඹු වන බව මමකියන්න ඕනේ.

ඉතාම අසීරු අවස්ථාවක වුවත් අපි ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මුල්තැන දීලා කටයුතු කළ බව කියන්න ඕනේ.

ඒ වගේම කෙතරම් දුෂ්කර තත්ත්වයක් ආවත් අපේ පොදු ජනතාවගේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ අත්‍යාවශ්‍ය දේවල් හැකි උපරිම ආකාරයෙන් සපුරාලන්න කටයුතු කරලා තියෙනවා. 

ඒ වගේම කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ අඩු ආදායම් ලාභීපවුල්වලට, විශ්‍රාමිකයින් සහ ආබාධිතයින්ට, ‍දෛනිකව වැටුප් ලබන්නන්ට සහ ගොවීන්ට මූල්‍ය සහාය දුන්නා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සහ එම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරමින් කළමණාකරණය කළා.

කොවිඩ් වෛරසය තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුණා.

ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට සමීපව පිහිටා තිබීම නිසා මතුවන ආරක්ෂක, සුරක්ෂිතතා සහ දේශසීමා සම්බන්ධ තර්ජනවලට විසඳුම්ලබාදීමේ දී අප රටවල් සමීපව කටයුතු කිරීමත් අවශ්‍යයි. 

නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න නිවීමට සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මඟින් පෙනීයන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම ප්‍රයෝජනවත් බවයි. 

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සිදුවූ ආර්ථික කඩාවැටීම හමුවේඉන්දියාවේ වෙළෙඳපොළ සඳහා භාණ්ඩ සැපයීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබාදීම සුදුසු බව මගේ හැඟීමයි. මෙය දෙරටේම ආර්ථික වර්ධනය සඳහා යෝග්‍යයි.

ආගමික, සංස්කෘතික සමානකම් ඇති අප දෙරට අතර පවතින නොබැඳි මිත්‍රත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යාමටත් අපි මූලිකත්වය දෙනවා. 

අපට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධතාවයවගේම අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරවලින් උරුම වුනු ඉවසීම, සංයමය,කැපවීම, පදනම් කරගෙන මේ සියලු අභියෝග ජයගන්න පුළුවන් කියලාවිශ්වාස කරනවා.”  යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, එම්. යූ. එම්. අලි සබ්රි, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ජීවන් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රියර් අද්මිරාල් මහාචාර්ය ජනතාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්වරු ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img