Thursday, September 10, 2026
HomeNEWSඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඇරඹේ - තවදුරටත් ආරක්ෂක අංශ සහාය

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඇරඹේ – තවදුරටත් ආරක්ෂක අංශ සහාය

අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් සහාය වනු ඇති බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වනවිට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යවරයා, ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බව ද සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇනවුම් ලබාගනිමින් අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙසය.

මේ අතර “දෙරණ අරුණ” ට විශේෂ ප්‍රකාශයක් කරමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති, මොහොමඩ් උවයිස් මහතා පවසා සිටියේ ද මේ වනවිට සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුවෙමින් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img