Thursday, September 10, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 67,900ක් අත්අඩංගුවට තෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් භද්‍රානි සේනානායක මහත්මිය සඳහන් කළේ, වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නය ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු භද්‍රානි සේනානායක මහත්මිය,

“ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන වර්තමානය තත්ත්වය සලකා බලනකොට 2022 ජනවාරි ඉඳලා ඔක්තෝබර් දක්වා කාලය තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා පුද්ගලයින් 67,900ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේකෙන් අපි බැලුවොත් 52%ක් හෙරොයින් ආශ්‍රිත වැරදි සඳහා 37%ක් ගංජා වැරදි සඳහා සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පුද්ගලයින් 6,728ක් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන දිහා බලනකොට අපිට පේනවා සාමාන්‍යයෙන් අන්තරායකර ඖෂධ හැටියට ගැනෙන හෙරොයින්, ගංජා, අයිස් භාවිතයේ වැඩිවීමක් වගේම ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.”

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්තාපනය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද භද්‍රානි සේනානායක මහත්මිය සඳහන් කළාය.

“මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් ගත්තහම අපි ඇස්තමේන්තු ගත කරලා තියෙන ආකාරයට හෙරොයින් භාවිත කරන පුද්ගලයින් ලක්ෂයක් පමණත්, ගංජා භාවිත කරන පුද්ගලයින් ලක්ෂ 3 හමාරක් පමණත් ඉන්නවා. මේ අයගෙනුත් පුනරුත්තාපනය සඳහා එන්නේ ඉතාම අඩු සංඛ්‍යාවක්. සාමාන්‍යයෙන් වර්ෂයකට 4,000ක් වගේ තමා ප්‍රතිකාර සහ පුනරුත්තාපනයට පැමිණෙන්නේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ආයතනවල පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉඩකඩ ප්‍රමාණවත් මදි ලංකාවේ පුනරුත්තාපනය සඳහා තියෙන පහසුකම් මදි. පුරුෂයින් සඳහා මධ්‍යස්ථාන තිබුණත් කාන්තාවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉතාමත් අඩුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img