Wednesday, November 4, 2026
HomeNEWSඉන්ධන සැපයුම ගැන අලුත්ම තත්ත්වය

ඉන්ධන සැපයුම ගැන අලුත්ම තත්ත්වය

මේ වනවිට සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුවෙමින් පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති, මොහොමඩ් උවයිස් මහතා පවසයි.

“දෙරණ අරුණ”ට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, තව සුළු වේලාවකින් තෙල් බවුසර් සියල්ල ඛනිජ තෙල් පර්යන්තයෙන් පිටවීමට සුදානම් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ලංකාව පුරා කොළොන්නාව විතරක් නෙමෙයි මුතුරාජවෙල ඒ වගේම ලංකාව පුරා තොග ගබඩා පර්යන්තයන් තියෙනවා 11ක්. මේ දෙකත් එකතුව 13ක් තියෙනවා. ඒ සියලුදේටම අවශ්‍ය තෙල් සැපයුම නිසි පරිදි සිදුවෙනවා කියලා ඉතාම සතුටින් කියන්න කැමතියි.

අපි කිසිම බාධාවකින් තොරව සත්‍යග්‍රහය කරගෙන යෑමට අවස්ථාව ලබාදීලා තිබුණා. අපි ඒ මොහොතේ ඉල්ලා සිටියේ වෘත්තීය සමිතිවලින් කිසිදු ලෙස මෙහෙයුම් කටයුතුවලට බාධා කරන්න එපා කියලා. නමුත් ඊට ඔබ්බට ගිහින් ඊයේ සවස 2 වෙද්දි මේ අය වැඩවර්ජනයක් සඳහා බලහත්කාරයෙන් අපේ සේවකයින්ව එකතු කරගත්තා. ඒ වගේම බලහත්කාරයෙන් තැන් තැන්වලට ගිහින් වැඩ කටයුතු අවහිර කළා. ඒ නිසා ජනාධිපතිතුමා සහ ඇමතිතුමා මාව දැනුවත් කළා මේ අයට නීතියානුකූල ක්‍රියාමාර්ග ගන්න කියලා. 

මුලින්ම අපි වෘත්තීය සමිති නායකයින්ට සහ ඍජුවම සම්බන්ධ වුණ සේවකයින්ට තාවකාලිකව වැඩට ඒම තහනම් කරනවා. ඊට අමතරව වහාම කමිටුවක් පත්කරලා කරුණු ලබාගෙන නීතියානුකූල ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා.

අපි සේවකයින් සමග සාකච්ඡා කළා. ඔවුන් සාමාන්‍ය පරිදි සේවයට සම්බන්ධ වීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ අයට තියෙන එකම ප්‍රශ්නය තමා බලපෑම්වලට නතුවීම. ඒ අයට සුරක්ෂිතභාවය ලබාදෙන්න කියලා තමයි අපෙන් ඉල්ලීමක් කළේ. අපි ඒ සුරක්ෂිතභාවය ලබාදෙනවා. අද වගේ සාමාන්‍ය පරිදි ඔවුන් වැඩකරගෙන යයි. ඒකත් අපිට බැරි වුණොත් අපි තවත් විකල්පයක් ලෙස වෙනම කණ්ඩායමක් පුහුණු කරලා තියෙනවා. ඔවුන්ව යොදාගෙන බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ඉතා වගකීමෙන් කියන්න කැමැතියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක්

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් 2026 වසරේ සිව් වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88% ඉහළ නැංවීමට ඉල්ලා ඇති අතර එය 1.46% ක් බවට මහජන...

භයානක පනත් දෙක සම්මත වුනොත් ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ජාත්‍යන්තරයෙන් කොන් වෙනවා – ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කළ අදහස්මේ රටේ මෑතකදී යෝජනා වූ...

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img