Saturday, September 12, 2026
HomeNEWSවෛරය පිරි මැසූ හැටි

වෛරය පිරි මැසූ හැටි

පලෙයි, පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේදී හිතාමතා කැබ් රථයකට යටකර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (28) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

පෙර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මරණකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (28) සවස් කාලයේ අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරුගේ නිවසට ගොස් ඔහුට කඩුවකින් පහරදී තුවාල සිදුකර පළා ගොස් ඇත.

එම පහරදීමෙන් තුවාල ලබූ කැබ් රථ රියදුරු පලෙයි පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සඳහා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට පහරදීම සිදුකළ පුද්ගලයින් මාර්ගයේ ගමන් කරනු දැක තිබේ.

කැබ් රථයේ රියදුරු විසින් ඔවුන්ව කැබ් රථයෙන් යටකර නොනවත්වා පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

ඒ හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු පලෙයි‌ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 28 හැවිරිදි මුහමාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුර සිදුකළ පහරකෑමට ලක්වූ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ පලෙයි රෝහලට ඇතුළත් කර ඇත.

මෘත ශරීරය පලෙයි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img