Sunday, July 12, 2026
HomeNEWSඉෂාරා සෙව්වන්දිට කේක් කවන්නට සැලසූ පොලිස් ලොක්කාට වැඩ වරදින ලකුණු

ඉෂාරා සෙව්වන්දිට කේක් කවන්නට සැලසූ පොලිස් ලොක්කාට වැඩ වරදින ලකුණු

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කිරීමේ පුවතක් වාර්තා විය.සැකකාරියගේ උපන්දිනය පසුගිය ඉරිදා (29) යෙදී තිබී ඇති අතර ඒ වෙනුවෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරුමක් සූදානම් කර ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබේ.එම තොරතුර එම කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගැනීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන එම ක්‍රියාව වහාම නවත්වන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩිව පවසා ඇති බව සඳහන් වේ.අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට යවා ඒ පිළිබඳ සොයාබලන ලෙස උපදෙස් ලබාදී ක්ෂණිව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාද එම ස්ථානයට ගොස් තිබේ.එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා කේක් ගෙඩිය එහි ගෙනැවිත් ඇති බවය.උපන්දින සැමරුමට සෙව්වන්දිගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ඇය රඳවා සිටින සිර කුටියෙන් පිටතට ගෙන ඒ අසල වූ ස්ථානයක කේක් ගෙඩිය කැපීමට සියල්ල සූදානම්කර තිබී ඇති බවත් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අවසර ලබාදී ඇති බවද අනාවරණ වන බවය.එමෙන්ම “කේක් එක කපලා ෆොටෝ ගන්න එපා. පස්සේ ඔවා ඉන්ටර්නේට් එකේ යයි” යනුවෙන් ඔහු පවසා ඇති බවත් සඳහන් වේ.ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාගෙන් මෙන්ම අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් ද ඇතුළුව 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබුණි.උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම කේක් ගෙඩිය රැගෙන ඒම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා සමග අදාළ ස්ථානාධිපතිවරයා දුරකථනය ඔස්සේ කතාබහකර ඇති බවත් කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.ඒ අනුව පොලීසිය පවසන්නේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ උපන්දින සාදය සැලසුම්කර අවස්ථාව ලබාදී ඇති බවය.පොලිස් ආරංචිමාර්ග පවසන්නේ බොහෝදුරට අදාළ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඉදිරියේදී තහනම් කිරීමට නියමිත බවයසිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිස්සා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img