Sunday, July 12, 2026
HomeNEWSසමස්ත විදුලි ගාස්තුව 10%කින් ඉහළට

සමස්ත විදුලි ගාස්තුව 10%කින් ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල 10%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.එසේ වුවද පාරිභෝගිකයින් පාවිච්චි කරන විදුලි ඒකක අනුව මෙවර විදුලි ගාස්තුව ඉහළ යන ප්‍රතිශතය වෙනස් වී ඇත. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණු නමුත් ඉදිරිපත් වූ මහජනතාවගේ අදහස් හා යෝජනා අනුව මහජන උපයෝගීතා කොමිසම මෙලෙස විදුලි ගාස්තු ඉහළ සංශෝධනය කර තිබේ.ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර ඒ අනුව මාසිකව බිල්පතේ වැඩිවීම රුපියල් 15කි.31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබේ.61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120කි.91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.2%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක්ද වේ.180ට වැඩි ඒකක සඳහා ඉහළ විදුලි ගාස්තු ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර එය 25.3%කින් විදුලි ගාස්තු වැඩිවීමක් ද සිදුකර තිබේ.මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති අතර එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ඉහළ දැමීමටද තීරණය කර ඇති අතර කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර ඇත.රාජ්‍ය ආයතන සඳහාද විදුලි ගාස්තුව 14.4%කින් ඉහළ දැමීමටද උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img