Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsඊයේ බොරැල්ලෙන් ආසාදිතයින් 254ක්

ඊයේ බොරැල්ලෙන් ආසාදිතයින් 254ක්

ඊයේ බොරැල්ලෙන් ආසාදිතයින් 254ක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය ඔක්තෝබර් මස 4 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,265 කි.

ඊයේ දිනයේ කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙනි. ඒ ආසාදිතයින් 254ක් ලෙසය. මීට අමරතව මට්ටක්කුලියෙන් ද ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරේ අනු පොකුරක් ලෙස නිර්මාණය වූ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2826 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින් 89 දෙනා ද සමගය.

කෙසේවෙතත් ආසාදිතයින් 816 දෙනෙකු සුවය ලබා ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා තත්ත්වයට පත්කර ඇති අතර මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක්කර සිටින සමස්ත සංඛ්‍යාව 95,000 කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img