Wednesday, August 5, 2026
HomeNEWSLatest News2021 අය වැය වැඩිජන්ද 97 කින් සම්මතයි

2021 අය වැය වැඩිජන්ද 97 කින් සම්මතයි

2021 අය වැය වැඩිජන්ද 97 කින් සම්මතයි

2021 අයවැය ලේඛනය වැඩි ජන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (10) සම්මත විය. අය වැයට පක්ෂව ජන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 54ක් හිමි විය. සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය අය වැයට විරුද්ධව ජන්දය භාවිත කළේය. ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු ජන්දය භාවිත කරන අවස්ථාවේ සභාගර්භයේ නොසිටියහ.

මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමානොවැම්බර් 17 දින 2021 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙරට 75 වැනි අයවැය ලේඛනය වන මෙය, වත්මන් රජයේ මංගල ලේඛනය ද වේ.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත මඟින් යෝජනා කරතිබුණි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වූ අතර දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය.  අය වැය දෙවන වර කියවීමට පක්ෂව ජන්ද 151 ලැබුණූ අතර, විරුද්ධව ජන්ද 52 ක් හිමි විය.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනිදා සිට අද (10) දක්වා පැවැත් වූ අතර, ජන්ද විමසීම පස්වරු 05.00 ට පමණ සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img