Sunday, November 15, 2026
HomeNEWSCOVID-19ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (18) දිනයේ හඳුනාගත් නව රෝගීන් දෙදෙනාත් සමගය.

සුඩාන් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේය.

කෙසේවෙතත් මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2755 දෙනෙකුමේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

රෝගීන් 136 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර අද (19) දිනයේ නිරෝධායනය වු පුද්ගලයින් 111 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට සුදානම් ව ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද වන විට පුද්ගලයින් 31,021 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ.

තවත් පුද්ගලයින් 5,632 දෙනෙක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1120ක් සිදුකර ඇති අතර, සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 191,507 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img