ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 3363 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා මුහුදු ආරක්ෂකයෙක් ලෙස මෙරටට පැමිණි අයෙක් ද නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
රෝගීන් 3210 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර, ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1203ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 284,059ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
අබුඩාබි, දෝහා කටාර් හා කටාර් සිට අද (29) උදෑසන පුද්ගලයින් 97 දෙනෙක් මෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
මේ අතර, අද දිනය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 297ක් නිවෙස් බලා පිටව යෑමට නියමිතය.
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 6,882ක් නිරෝධායනය වෙමින් සිටින බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.






















