මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (21) දිනයේ වාර්තා වූ නව රෝගීන් 12 දෙනාත් සමගය.
එම රෝගීන් ගෙන් අට දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊට අමතරව ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මේ වන විට රෝගීන් 186 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
පුද්ගලයින් 3100ක් සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.
එසේම, අද (22) වනවිට පුද්ගලයින් 43,849 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර මේවන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 66ක් තුළ පුද්ගලයින් 6,626 දෙනෙක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.
ඊයේ දිනය තුළදී PCR පරික්ෂණ 1470ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 269,483 ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.






















