Monday, September 21, 2026
HomeNEWSඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කෙරෙන අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.ඒ අනුව පළමු අදියර යටතේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07දෙනෙකු උතුරු ගාසා තීරයේ දී රතු කුරුස සංවිධානය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.අනතුරුව රතු කුරුස සංවිධානයේ නිළධාරීන් විසින් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එම පිරිස භාරදෙනු ඇති.නිදහස ලබන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එරට ටෙල්අව්වි අගනුවරට එක් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.2023 වසරේ ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ සිදුකල ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයින් 251 දෙනාගෙන් 155 දෙනෙකු මීට පෙර මුදා ගැනීමට හැකිව තිබු අතර තවත් 58 දෙනෙකු මියගොස් තිබුණි.හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව ඊශ්‍රායලය විසින් ද අද දිනයේ පලස්තීන සිරකරුවන් 1718 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img