Tuesday, September 22, 2026
HomeNEWSඋණාකූරුවේ ශාන්තට අයත් අයිස් තොගයක් දකුණු මුහුදෙන් හමුවෙයි

උණාකූරුවේ ශාන්තට අයත් අයිස් තොගයක් දකුණු මුහුදෙන් හමුවෙයි

දකුණු මුහුදේ පාවෙමින් තිබී සොයාගත් පාර්සල් 51ක අයිස්, හෂීස් සහ හෙරොයින් අඩංගු බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කර ඇත.දකුණු මුහුදේ නාවික හමුදාව සිදුකළ සාමාන්‍ය මුර සංචාරයක් අතරතුරදී මුලින්ම පාවෙන පාර්සල් දැක ඇති බවත්, ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළ බවත් නාවික හමුදාව සඳහන් කළේය.නාවික හමුදා නිලධාරීන් විසින් (14) සොයාගෙන තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය, කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ඌනකූරුවේ ශාන්ත’ නැමැත්තාට අයත් ඒවා බවට සැක කරන බව ආරංචි මාර්ග පවසයි.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img