Tuesday, July 28, 2026
HomeNEWSඑක්කො පලාත් සභාව පැවැත්විය යුතුයි නැතිනම් අහෝසි කල යුතුයි

එක්කො පලාත් සභාව පැවැත්විය යුතුයි නැතිනම් අහෝසි කල යුතුයි

එක්කො පලාත් සභාව පැවැත්විය යුතුයි නැතිනම් අහෝසි කල යුතුයි

එක්කො පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතිනම් පලාත් සභා අහෝසි කලයුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුව සහ පලාත් පාලන ආයතන අතර සංවර්ධනය ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක් සැකසිය යුතු බවයි. ගම්පහ වැලිවේරියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 259 වැනි ශාඛාව විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ සමහරු පලත් සභාව සුදු අලියෙක් කියලා චෝදනා කරනවා. වැඩ කරන්න බැරිවුණු මිනිස්සු පත්වුනාම තමයි ඕනෑම ආයතනයක් සුදු අලියෙක් වෙන්නේ.මම පලාත් සභා මහ ඇමතිවරයා ලෙස වැඩකරන කාලේ වැඩ කරලා පෙන්නුවා.පලාත් සභා ක්‍රමයෙන් අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් බිහිකල හැකියි. දැන් පහුගිය කාලේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිතුමා රට පාලනය කරගෙන ගියානේ. මම කියන්නේ පරිපාලන ඒකක අවශ්‍ය නැත්නම් පාර්ලිමේන්තුවත් විසුරුවලා ජනාධිපතිතුමාට තනිවම රට කරන්න ඉඩදෙන්න පුළුවන්.”

ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ජනවාරි සිට එය විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. මේ මස 26 වනදා සිට විශේෂ ගුවන්යානා සඳහා අවසර ලබාදෙන බවත් ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට ඒ සඳහා අවසර ලබාගත හැකි බවත් ඇමතිවරයා කීවේය. වාණිජ ගුවන් ආරම්භ කෙරෙන්නේ 26 වනදා සිට ආරම්භ කෙරෙන නියමු ව්‍යාපෘතිය අනුව එහි අඩුපාඩු නිවැරදි කරගනිමින් බවද ඔහු පෙන්වා දුන්නේය.

සංචාරකයින් දිවයිනට ගෙන්වීම තුලින් කොවිඩ් පොකුරක් බිහිවිය හැකි බවට විපක්ෂය කරන චෝදනාව ප්‍රතික්ෂේප කල ඇමතිවරයා රට තුල පසුගිය කොවිඩ් රැලි නිර්මාණය වූයේ ගුවන්තොටුපල විවෘත කල නිසාදැයි ඇසුවේය.

“ මේ වෙනකොට ‍බොහෝ රටවල් ගුවන්තොටුපලවල් විවෘත කරලා. අපට වඩා ආසාදිතයෝ වැඩි මරණ වැඩි රටවලුත් මේ අතර වෙනවා. විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වැඩිවෙනකල්. රටේ කොවිඩ් වසංගතය වැඩිවුණාම විපක්ෂය ඒකෙන් කාලකණ්නි සතුටක් ලබනවා. ඒ නිසයි ජනතාව බියගන්නවන්න හදන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ජනතා අධිකරණය තිබෙනවා-ගම්මන්පිල

2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි...

සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්”ජනාධිපති ලේකම් කියයි

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික සුපිළිපන් දිවුරුම ලබා දීම සහ ආචාරධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් ජාතික සුපිළිපන් සතිය ඇරඹේ සුපිළිපන්භාවය යනු කිසිවෙකු ඔබ දෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img