කර්මාන්ත ශාලාවක වැඩකරමින් සිටි පුද්ගලයෙකු ට විදුලිසැර වැදී උඩක සිට බිමට වැටෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
කහතුඩුව ප්රදේශයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඉනිමඟක ආධාරයෙන් අනාරක්ෂිත ලෙස විදුලි සැපයුමක් ලබාදීමට ගිය පුද්ගලයෙකුට මෙලෙස විදුලි සැර වැදී තිබේ.
එම කර්මාන්ත ශාලාවේ බිම යකඩ කොටස් භාවිත කරමින් සකස් කර ඇති අතර, උඩ සිට ඒ මතට ඇද වැටෙන පුද්ගලයාගේ හිස බිම යකඩ කොටසේ වැදෙන අයුරු ද කැමරාවේ සටහන්ව තිබුණි.
පසුව ඔහුව වෑතර දිසා රෝහලට රැගෙන යෑමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි එක්දරු පියෙකි.






















