Thursday, September 17, 2026
HomeNEWSඑක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි ජනපති හමුවෙයි.

එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි ජනපති හමුවෙයි.

ජනපති සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා අතර හමුවක්සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දෙන සහාය ඇගයීමට ලක් කරයිජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පැවැත්විණි.අද්මිරාල් පපාරෝ මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ අගයමින් සිය සුබපැතුම් පිරි නැමූ අතර ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දෙන සහායද පැසසුමට ලක් කළේය. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් සිය සහාය ලබා දෙන බව අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා පැවසීය.ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල මානව සම්පත් සංවර්ධනයට එක්සත් ජනපදය අතීතයේ සිට මේ දක්වා ලබා දෙන සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියේය.විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) ලුතිනන් කර්නල් ඇන්තනී නෙල්සන්, එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් විධානයේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති උපදේශක ඩේවිඩ් රැන්ස් (David Ranz) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img