Friday, September 4, 2026
HomeNEWSLatest Newsඑක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ශ්‍රි ලංකාව කැපවන බවට...

එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ශ්‍රි ලංකාව කැපවන බවට අග්‍රාමාත්‍යතුමා සහතිකවෙයි

එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ශ්‍රි ලංකාව කැපවන බවට අග්‍රාමාත්‍යතුමා සහතිකවෙයි

දෙදහස් තිහ වසරවනවිට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශ්‍රි ලංකාව කැපවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.23 දින පැවැසීය.

අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

අනාගතය උදෙසා හරිත හා තිරසර පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා විවිධ බලපෑම් සහ දූෂණයට ලක්වූ අපගේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා ක්‍රියාකාරී මට්ටමෙන් සාමූහිකව මැදිහත්වන්නැයි ලෝක නායකයන්ගෙන් මෙහිදීඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සැමරුම් උත්සවයට එක්වීම සඳහා ආරාධනා කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයට මාගේ ස්තුතිය පුදකරන්න කැමැතියි.

මෙම ඓතිහාසික අවස්ථාවේදී ශ්‍රි ලංකාව සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 65ක් පුරා පැවතෙන දිගුකාලීන සබදතාව සිහිපත් කළ යුතුයි.

කොවිඩ්- 19 වසංගත තත්ත්වය මෙම වැදගත් දිනයේදී ඔබව එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මුණගැසීම වළක්වා තිබෙනවා. කෙසේ වෙතත්, තාක්‍ෂණික දියුණුව අපව මුලුමනින්ම පාහේ එකට එක්කර තිබීම ගැන සතුටුයි.

කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ලොව හමුවේ අභියෝගයක්වී තිබෙන මෙම පෙර නොවූ විරූ ගෝලීය සෞඛ්‍ය අර්බුධය මගහරවා ගැනීම සඳහා අන් කවරදාටත් වඩා අප සාමූහිකව කටයුතු කිරීම ඉතා වැදගත්වෙනවා.

මීට අවුරුදු හැත්තෑපහකට පෙර ගෝලීය සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූයේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව, ආර්ථික හා සමාජ සංවර්ධනය ඇතුළත් ජාත්‍යන්තර සහයෝගීතාව අරමුණු කරගෙනයි.

අපට සහ අපේ දරුවන්ට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ඇති හැකියාව පිළිබඳව අපට විශ්වාසයක් තිබෙනවා. එමෙන්ම අද වැනි ඉතා අභියෝගාත්මක කාල වකවානුවක ලෝක නායකයන් එක් වේදිකාවකට ගෙනඒමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උපකාරී වී තිබෙනවා.ඒ නිසා සමාජික රටවල් ලෙස මේ වගකිවයුතු මොහොතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපගේ සහයෝගය දැක්විය යුතුයැයි මම විශ්වාස කරනවා. එමෙන්ම දිනෙන් දින වෙනස්වන ලෝකයට අදාළවන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය හැඩගැසිය යුතුයි.

දශක තුනක දීර්ඝකාලීන යුද්ධයකින් ජයගත් ශ්‍රී ලංකාව මේ වනවිට තිරසර ඉලක්ක සාක්ෂාත්කරගැනීමට යොමුවෙමින් පරිවර්තනීය සංවර්ධන මාවතක ගමන් කරමින් සිටිනවා.

නමුත් කොවිඩ්-19 වසංගතය හමුවේ අප සියලු දෙනා නැවත අපගේ ආර්ථික, සමාජයීය සහ ජාලගත ජාත්‍යන්තර සබඳතා නැවත ගොඩනගා ගැනීමට විසඳුම් සොයමින් සිටිනවා.

2030 වසරවනවිට හරිතවත් සහ වඩා තිරසර අනාගතයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය කැපවීම අප රජයක් ලෙස භාරගෙන තිබෙනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, පරිසර, කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන පුළුල් සහයෝගය මේ මොහොතේ මා අගය කරන අතර අපගේ රටවල පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය සාමූහික කැපවීමෙන් කටයුතු කරන්නැයි මා ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 

පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවත් කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණදෙන අතරතුරේදීත්  එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව විශේෂයෙන් දැයේ දරුවන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබීම මා භාග්‍යක් කොට සලකනවා. එහිදී අපගේ දරුවන්ගේ ඔරොත්තුදීමේ හැකියාව පුදුම සහගතයි.

දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාවට අමතරව ගැහැණු ළමයින්, කාන්තාවන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මුහුණදෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සමඟඉදිරියේදී සමීපව කටයුතු කිරීමට මා බලාපොරොත්තුවෙනවා.

එක්සත් ජාතීන්ගේ ඓතිහාසික හැත්තෑපස්වන සැමරුම් දිනය වෙනුවෙන් සමස්ත එක්සත් ජාතීන්ටම මාගේ සුබ පැතුම් එක්කරන අතර සමීප සහයෝගීතාව වර්ධනයවන අයුරින් අඛන්ඩව ඉදිරියේදීත් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව සිහිපත් කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img