එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre මහතා සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පසුගිය 22 දා මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවැත්විණි .වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වූ අතර එය ඵලදායි මට්ටමේ සාකච්ඡාවක් බව වාර්තා වේ .මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ,පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ යන මහත්වරුද සහභාගි වූහ.






















