Monday, September 14, 2026
HomeNEWSඑක්සත් රාජධානියෙන් පැමිණෙන් ගුවන් යානාවලට තහනමක්

එක්සත් රාජධානියෙන් පැමිණෙන් ගුවන් යානාවලට තහනමක්

එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ඒ අනුව හෙට (23) අලුයම 2 සිට නැවත දැනුම් දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා පැවසීය.

එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබේ.

මේ අතර, මහා බ්‍රිතාන්‍යයේ තුළ පැතිර යමින් පවතින නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කෙසේවෙතත් යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img