මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අද (22) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 618 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 29,300 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 8,150 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.






















