Sunday, November 1, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන ධීවර සමිතිවලිනුත් දත්ත ලබා ගන්න - විපක්ෂ නායක...

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන ධීවර සමිතිවලිනුත් දත්ත ලබා ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන ධීවර සමිතිවලිනුත් දත්ත ලබා ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය මිගමුවේ සිට පානදුර දක්වා පමණක් යැයි තීන්දු කර ඇති මුත් නැගෙනහිර වෙරළ දක්වා කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා ඇති බවත් ජෛව විවිධත්ව පද්ධතියට හා ධිවර ප්‍රජාවට සිදුවූ බලපෑම අතිමහත් බවත් මේ නිසා වන්දි ලැබෙන ධීවරයන් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ද ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවැරදි දත්ත ගණනයක් සිදු නොවූ නිසා පානදුර සිට මිගමුව දක්වා පමණක් හානි වූ බවට තක්සේරු කර ඇති බවත් මෙම සිමාවෙන් ඔබ්බට බලපෑමක් සිදුවූයේද නැද්ද යන්න ගණනය කිරීමට අදාළ දත්ත ධිවර අමාත්‍යාංශයෙන් ලැබි නොමැති බවත් සංසන්දනය කරන්න බැරිවන ආකාරයට දත්ත නොලැබි ඇති බැවින් මේ මොහොතේ හෝ නිවැරදි දත්ත ගණනය කර විශේෂඥ කමිටුවලට ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පානදුර මීගමුව සීමාවෙන් ඔබ්බට ඇති ධිවර සංවිධාන නියෝජිතයන් හමුවී ඔවුන්ගේ අස්වැන්න සම්බන්ද ගැටලු සම්බන්දයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම දත්ත හා විශේෂඥ කමිටුව සතුව ඇති දත්ත සංසන්දනය කර මේ සම්බන්ධ සවිස්තර හානි පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක රැස්වීමේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img