Monday, November 2, 2026
HomeNEWSඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා IMF විධායක අධ්‍යක්ෂවරයා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා IMF විධායක අධ්‍යක්ෂවරයා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කරයි…


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා IMF විධායක අධ්‍යක්ෂවරයා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කරයි…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා අතර හමුවක් අද (2023.10.23) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ මධ්‍ය කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සඳහා අවශ්‍ය සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේය.
දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ අතර, සමාජයේ අඩු ආදායම්ලාභී ජන කොටස් සඳහා වන මූල්‍ය ආධාර සෘජුවම බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර යන අය මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img