Tuesday, November 10, 2026
HomeNEWS “එක් රටක - එක් මූල්‍ය පද්ධතියක්” ක්‍රියාත්මක විය යුතු බවටබෞද්ධ සම්මේලනයෙන් යෝජනාවක් ...

 “එක් රටක – එක් මූල්‍ය පද්ධතියක්” ක්‍රියාත්මක විය යුතු බවටබෞද්ධ සම්මේලනයෙන් යෝජනාවක්  ….

 “එක් රටක – එක් මූල්‍ය පද්ධතියක්” ක්‍රියාත්මක විය යුතු බවටබෞද්ධ සම්මේලනයෙන් යෝජනාවක්  ….

ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට මුස්ලිම් කාන්තාවන්ගෙන් යෝජනාවක්  ….

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පසුගියදා “එක් රටක් එක නීතියක්” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ තම සම්මේලනයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

“එක් රටක්-එක් නීතියක්” සාක්ශාත් කර ගැනීමට නම් එක් රටක එක් මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක විය යුතු බවත්,  ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනමම මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීමෙන් අනෙකුත් ජාතීන්ට අසාධාරණයක් සිදු වන බවත් ඕවුහු පෙන්වා දුන්හ.

බෞද්ධ  සම්මේලනය විසින් එළි දැක්වූ “සුපිලිපන් දේශපාලන ප්‍රතිපත්තිය” මෙහිදී කාර්ය සාධක බලකායට ඉදිරිපත් කෙරුණු අතර ශ්‍රී ලාංකික දේශපාලන ව්‍යුහය සැකසීමේදී එය උපයෝගීකරගත යුතු බවට නිර්දේශ කරන ලෙස ද ඉල්ලා සිටියහ.

අයථා අන්‍යාගමිකකරණය පිළිබඳ වූ ගැටලු සදහා පත් කෙරුණු කොමිෂමේ නිර්දේශ වාර්තාවලට පමණක් සීමාවීම  කණගාටුවට කරුණක් බව සඳහන් කළ බෞද්ධ  සම්මේලනය එක් රටක් – එක් නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණ සාක්ශාත් කරගැනීමට තම උපරිම සහය ලබා දෙන බව ද ප්‍රකාශ කළහ.

මුස්ලිම් කාන්තා සංවිධානයන් නියෝජනය කරමින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අදහස් හා යෝජනා ලබා දීමට පැමිණි වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදනී සුහා කාසීම් යන අය ඇතුලත් මුස්ලිම් කාන්තා අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් කාති උසවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කළහ.

මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඕව්හු කාති ක්‍රමයේ අඩුපාඩු ඇති බවත් ඒවා වහා සංශෝධනයට ලක් විය යුතු බවත් ප්‍රකාශ කළහ. විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති අයවලුන් එම තනතුරට පත් කිරීම මෙම ගැටලුවට හේතුවක් බව ද අනාවරණය කෙරිණි. 

ගැහැනු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් දැක්වූ මරීනා රිෆායි මහත්මිය කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ අතර එය අවුරුදු 25ක් පමණ විය යුතු බව සුහා කාසීම් මහත්මිය  ප්‍රකාශ කළාය. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය  සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ  සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක  බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළේය.  

අනතුරුව  නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු  පළාත් වල මෙන්ම  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති කාර්යාල පරිශ්‍රයේ දී ද දිවයිනේ විවිධ පළාත් වලින් පැමිණි පිරිස් කාර්ය සාධක බලකාය හමුවේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

කාර්ය සාධක බලකාය අමතා වේලාව වෙන් කර ගත් විවිධ සංවිධාන හා ඒවායේ නියෝජිතයන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එම කාර්යාලයට පැමිණ අදහස් දැක්වීම සිදු කළහ.

කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ සෙසු සමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය මෙම අවස්ථවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img