එජාපයේ දෙපාර්ශ්වයම ජනතාව අතර අසමත් පාර්ශවයන් දෙකක්….
පොහොට්ටුව පක්ෂයට පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීම උදෙසා පොදු ජනතාවගේ සහයෝගය අත්‍යවශය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද(2020.07.22) පස්වරුවේ කොළඹ, මාලබේ නගරයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බරපතල ලෙස විසිරී ගොස් සිටින එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කිරීම වෙනුවට රට ඉදිරියට ගෙන යාම උදෙසා මෙවර ඔබේ ඡන්දය පොහොට්ටුව ලකුණට ලබා දී රජයට සහය වන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
හම්බන්තොට එක්සත් ජාතික පාක්ෂිකයින් අද වන විට නායකත්වයක් නොමැති තත්වයට පත් වී ඇති අතර කොළඹ එක්සත් ජාතික පාක්ෂිකයින්ට ද එම ඉරණම අත් වන දිනය වැඩි ඈතක නොවේ.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූවද රටට වැඩක් කිරීමට ඔහු සමත් වූයේ නැත. මේ දෙපාර්ශ්වයම ජනතාව අතර අසමත් පාර්ශවයන් දෙකක් බැවින් අද වෙන විට පොහොට්ටුව පක්ෂයේ ජයග්‍රහණය පැහැදිලි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එම ජයග්‍රහණය විජයග්‍රහනයක් කර තුනෙන් දෙකක බලයක් ලබාගෙන රට ඉදිරියට ගෙනයාම උදෙසා සියලු දෙනාගේ සහයෝගය ලබා ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.






















