එජාපය තරුණ නායකත්වයක් යටතට පැවරීමට තීරණය කළා- කෘත්‍යාධිකාරී මණ්ඩලය
එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමට අද (14) උදෑසන පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය අද (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එහි ආරම්භක පියවරක් ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.
එහිදී සාර්ථකව තම වගකීම් ඉටුකිරීම සහ පාක්ෂිකයන්ට සමීපවෙමින් ඔවුන් දිනාගනිමින් කටයුතු කිරීම ආදී කරුණු ද සැලකිල්ලට ගෙන පක්ෂය සහ පාක්ෂිකයන් තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට තීරණය කළ බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සහ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැති නමුත් අදත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නැත.






















